ඩීසල් මිල ඉහළ ගියොත් බස් ගාස්තුවත් ඉහළට

0
Dilum Amunugama Statement of Diesel - ඩීසල් මිල ඉහළ ගියොත් බස් ගාස්තුවත් ඉහළට

ඉන්ධන මිල ඉහළ නැංවීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේනම් මේ මොහොතේ ඩීසල් මිල හෝ ඉහළ නොදැමිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඩීසල් මිල ඉහළ නැංවුවහොත් බස් ගාස්තුද ඉහළ නැංවීමට සිදුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“තෙල් මිල වැඩි වුණොත් බස් ගාස්තු පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. බස් හිමියන් පහුගිය වතාවේ ඉතාම කරුණික වුණා ඩිසල් වැඩි වුණාම ගාස්තු වැඩි වීමක් ඉල්ලුවත් අපි කරුණු පැහැදිලිකර දුන්නාම ජනතාව පිට බර පටවන්න බැහැ කියලා ඒ අය ඒ පාඩුව ඉවසා දරාගෙන සිටියා. නමුත් තවත් මිල වැඩිවීමක් ඒ අය පිට පැටවුවොත් ඒක ලොකු ප්‍රශ්නයක් බස් රථ ධාවනයට. ඒක ලංගමටත් ප්‍රශ්නයක්. පෞද්ගලික අංශයටත් ප්‍රශ්නයක් බවට පත්වෙනවා. මම හිතන්නේ නෑ රජය මිල වැඩි කරයි කියලා. යම් විදියකින් මිල වැඩි කිරීමක් සිද්ධ කිරන්නම සිදු වුණොත් අඩුමතරමේ ඩීසල් මිලවත් වැඩි නොකර ඉන්න එක තමා මේ වෙලාවේ කරන්න තියෙන හොඳම ක්‍රියාමාර්ගය. ප්‍රවාහන අමාත්‍යවරයා හැටියට මම දන්නේ නෑ තෙල් අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් තියෙන තත්ත්වය”

කෙසේ වෙතත්, හෙට (25) සිට පළාත් තුළ වාර ප්‍රවේශපත්‍ර සහිත පුද්ගලයින් පමණක් දුම්රියෙන් ගමන් කිරීමට තීරණය කර තිබේ.

මේ අතර පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවල රියදුරන් සහ සහායකයින් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන තිබේද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට පොලීසීයට උපදෙස් ලබාදී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.