සදුදා සිට දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

0
Train Runing after Covid - සදුදා සිට දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක්,කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 08ක් සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම දුම්රිය කාලසටහන පෙරේදා (22) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කර ඇත.