ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි කළකිරීමෙන්

0
Partner Parties in SLPP - ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි කළකිරීමෙන්

ආණ්ඩුව තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙසට හවුල් පක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට ආසන්නම හේතුව බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ .

යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් හවුල් පක්ෂ ඉදිරිපත් කරන කරුණු සත්‍යයෙන් තොර බවත් ,දේශපාලන කාරණා සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ හැකි බවත් ,ජනාධිපතිවරයා හවුල් පක්ෂ වල නායකයන්ට ඉකුත් සතියේ පිළිතුරු ලිපියකින් දැනුම් දුන්නේය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ජාතික නිදහස් පෙරමුණ ,පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් මෙලෙස කලකිරීමකට පත්ව සිටින බව වාර්තා වේ .