අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 116 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද වාර්තා වු දෛනික ආසාදිතයින් ගණන 553කි.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 535,528ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 350 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 503,090ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.