තමන් පත් කළේ වෙනසක් කරන්න බව ජනපති කියයි

0
President Statement of Fertilizer - තමන් පත් කළේ වෙනසක් කරන්න බව ජනපති කියයි

රටේ ජනතාව විසින් තමන් තොර පත් කර ගත්තේ වෙනසක් සිදු කිරීමට මිස පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අද (23) පෙරවරුවේ කුලියාපිටිය – උඩුබද්දාව ප්‍රදේශයේ කාබනික පොහොර මඟින් සිදුකරන වගාබිමක් නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

මෙම වගාවන් නිරීක්ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවීන් සමඟ කාබනික වගාවේ සාර්ථකත්වය පිළිබඳව ද අදහස් හුවමාරු කරගත්තා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තටම ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වී වල සහතික මිල අපි වැඩි කළා.”