උපකාරක පන්ති අරඹන දිනය දැනුම්දෙයි

0
Tuition Class Start after Covid Pandemic - උපකාරක පන්ති අරඹන දිනය දැනුම්දෙයි
ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී ඇති බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය මර්ගෝපදේශයට අනුව ළමුන් සියයට අඩු උපකාරක පන්ති ආරම්භ කෙරන බව එම සංගමයේ ලේකම් කමල් ප්‍රියංකර ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේදී ගුරුවරුන් වැඩ වර්ජන මෙන්ම මාර්ගගත අධ්‍යන කටයුතුවලින් ඉවත් වුවත් තම සංගමය ඇතුළු උපකාරක පන්ති ගුරුවරු අධ්‍යන කටයුතු නොකඩවා සිදු කිරීම නිසා ළමුන්ට ගැටලුවක් නොවන බව ඔහු පවසයි.

පාසල් ළමුන්ට මග හැරුණු විෂය නිර්දේශ අමතර කාලයක් යොදාගෙන ඉගැන්වීමට උපකාරක පන්ති ගුරුවරු සූදානම් වෙති.

මීට අමතරව සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටින නවක සිසුන්ට අමතර පැය ගණනක් යොදාගෙන ඉගැන්වීමට නියමිතව ඇත.

උපකාරක පන්ති ගුරුවරු විසින් ආරම්භ කළ මාර්ගගත අධ්‍යන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට සිසුන්ගේ දෙමවුපියන් ඉල්ලීම් කරන බැවින් එය දිගටම ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ලේකම් කමල් ප්‍රියංකර පැවසීය.

මේ වනවිට දිවයින පුරා උපකාරක පන්ති ගුරුවරු ලක්ෂයකට ආසන්න පිරිසක් සක්‍රියව සිටින බව එම සංගමය පවසයි.