අපි පත් කරලා තියෙන්නෙ සිග්නල් කණු වෙන්න නොවෙයි

0
Susil Premajayantha Statement in Parliament - අපි පත් කරලා තියෙන්නෙ සිග්නල් කණු වෙන්න නොවෙයි

කොහෙවත් නීති සාදා මෙතැනට ගෙනැවිත් අත්උස්සන ලෙස කියා කියන්නට ලෑස්ති වෙන්න එපා ජනතාව තමා පත් කර ඇත්තේ සිග්නල් කණුවක්වීමට නොවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) වාර්තා පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

තමා මෙතැනට පැමිණ ඇත්තේ මොන්ටිසෝරි ගිහින් නොවන බවත් එහෙම අයද සිටිය හැකි බවත් ඔහු පැවසුවේය.

තමා මෙහි පැමිණ ඇත්තේ නීති හැදීමට බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

පනත් වෙන තැනක හදලා මෙතන ගෙනැවිත් අපේ අත් උස්සන්න බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කරලා හරි යන්නේ නෑ.

මම නීති උපාධිය කළේ 1982දී. ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ1985 දී. පළමුවැනි අවුරුදු දහයේදී ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කතා කළා .පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවෙත් මම කතා කළා . සමහරු ඒවා දන්නෙ නැහැ. සමහරු හිතන් ඉන්නේ අපි මොන්ටිසෝරි ගිහින් ඇවිල්ල කියල කොහෙවත් හදනවා නීති. උපදේශක කාරක සභාවට ගේනවා. ඉතින් මෙතැනදි අපි අත උස්සන්න ඕන. ජනතාව අපිව පත් කරලා තියෙන්නේ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වාර්තාවත් එක්ක මම කියනවා .ඒ කාර්යභාරය තමයි අපි ඉටු කරල තියෙන්නෙ.

මේවා කියන්න අපි බය වෙන්නේ නැහැ. අපි ඡන්දෙන් පත්වෙලා ඉන්නේ. පාර්ලිමේන්තුවේ කෝ මූල්‍ය පාලනය. අද සමහරු දන්නේ නැහැ ව්‍යවස්ථා හදන්නේ කොහොමද කියලා. පසුගිය පාලන කාලයේදී අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. එතනදි ක්‍රියාදාමයකට ගියා. මොකක්ද ක්‍රියාදාමය.පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් සම්මත කළා. පස්සේ තේරීම් කාරක සභාවක් පත් කළා.අනු කමිටු හයක් හැදුවා. ඒ අනු කමිටුවක් අයට තමයි විද්වතුන් තාක්ෂණ සහාය දුන්නේ. නැත්නම් මේක ව්‍යවස්ථාදායකයද. අපි මොකද මෙතන ඉන්නේ. මම සන්ධානයේ ලේකම් වෙලා හිටියා. කවදාවත් ජාතික ලැයිස්තුවෙන් ගියේ නෑ. නාමයෝජනා 12ක් හැදුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නාමයෝජනා තුනක් අස්සන් කරල තියෙනවා.සමහරුන්ට ඒවා මතකත් නෑ.