අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 104 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, අද දින හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 552කි.

මේ වනවිට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 534,975ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 276 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Covid Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 502,740ක් දක්වා ඉහළගොස් තිබේ.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 12ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.