තවත් කොවිඩ් මරණ 12ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 12ක් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 12ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කළ මෙම මරණ 12 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13574ක් ලෙසටයි.

ඊයේ තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 5ක් සහ පිරිමි පුද්ගලයන් 7ක් වනවා.

අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ තහවුරු කර නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 4ක් වනවා.

ඒ පිරිමි පුද්ගලයන් 3ක් සහ එක් කාන්තාවක් වශයෙන්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 8ක් තහවුරු කර ඇති අතර ඒ පිරිමි 4ක් සහ කාන්තාවන් 4ක් වශයෙන්.