විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත තරගය අද

0
ICC World Cup T20 Match Today - විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත තරගය අද

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ මුහුණ දුන් තරග 3 ම ජය ගනිමින් B කාන්ඩයෙන් අපරාජිතව සුපිරි කණ්ඩායම් 12 වටයට පිවිසීමට ස්කොට්ලන්තය සමත්වුනා.

ඕමානයට එරෙහිව අල් අම්රත් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමත් සමගයි ස්කොට්ලන්තයට මෙම අවස්ථාව හිමිවුනේ.

තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ඕමානය සියළු දෙනා දැවී රැස් කලේ ලකූණු 122 ක් පමණයි. ස්⁣කොට්ලන්තය පන්දුවාර 17 යි පන්දු දෙකකදී කඩුළු දෙකක් පමණක් දැවි ලකුණු 123 ක් ලබාගෙන තරගය ජයගත්තා.

B කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් 12 වටයට තේරී පත්වුනු අනික් කණ්ඩායම වන්නේ බංගලාදේශයයි.

ඔවුන් මූලික වටයේ තරග 3 න් 2 ක් ජය ගැනීමට සමත්වුනා.

මේ අතර මූලික වටයේ A කාණ්ඩයේ අවසන් තරග දෙක අද පැවැත්වීමට නියමිතයි.

ඉන් පළමු තරගය නැමීබියාව හා අයර්ලන්තය අතර ෂාජා හිදි පස්වරු 3.30 ට පැවැත්වෙනවා.

දෙවන තරගය ශ්‍රී ලංකා පිළ හා නෙදර්ලන්තය අතර රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිළ මේ වන විටත් සුපිරි කණ්ඩායම් 12 සදහා තේරී පත්වී අවසන්.