පොහොර හිගයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ

0
Mahindananda Aluthgamage Statement of Fertilizer - පොහොර හිගයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ

කුමන හේතුවකට හෝ ඉදිරියේදී මෙරට තුළ පොහොර හිගයක් ඇතිවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අවධාරණය කරනවා.

අනාගත දරු පරපුර පිළිබද සිතා කාබනික පොහොර වගාවට යොමුවීමේ තීරණයට සහයෝගය දෙන ලෙසයි අමාත්‍යවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පොහොර අර්බුදය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විවාදයේදී අදහස් දැක්වුවා.

විවාදයට එක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලැබූ සැළසුම් විරහිත තීරණ හමුවේ ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයාද අද වනවිට දැවැන්ත අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

ඒ අනුව ලබන වසරේ මුල් මාස කිහිපය තුළ රටතුළ ආහාර හිගයක් සහ භාණ්ඩ මිල අසීමිත ලෙස ඉහළයාමේ තත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද නලින් බණ්ඩාර මහතා අවධාරණය කළා.