කොන්දොස්තර නැතිව බස් දුවන්න අවසර ඉල්ලයි

0
Gamunu Wijerathna Request about Buses - කොන්දොස්තර නැතිව බස් දුවන්න අවසර ඉල්ලයි
බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස් රථ ධාවනය කිරීමට අවසර දෙන ලෙස සහ ඒ සඳහා මෝටර් රථ ආඥාා පනත සංශෝධනය කරන ලෙසත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට යෝජනා ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

කොන්දොස්තර මහත්වරු නොමැති වීම නිසා දැනටමත් බස් රැසක් කොන්දොස්තර නොමැතිව ධාවනය කරන බව කී විජේරත්න මහතා මෝටර් රථ ආඥාා පනතේ කොන්දොස්තර මහතා හෝ සහයකයෙක් සහිත කියන වගන්තිය සහිත හෝ රහිතව ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටි බව ද සඳහන් කළේය.

එසේ වුවහොත් රියදුරු මහතා අසළ මුදල් ලබාගැනීමට පෙට්ටියක් සකස් කරන බවත් ජනතාව අවංකව කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් කීය.