තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (20) තහවුරු කර තිබුණි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 13,562කි.

එසේම අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.