වාහන හිමියන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ගෙන් පණිවිඩයක්

0
Decision about Vehicles Number Plates - වාහන හිමියන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ගෙන් පණිවිඩයක්

ලබන ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වාහන වල අංක තහඩු බෙදාහැරීම නැවතීමට බලාපොරොත්තුවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසීය.

එම කාර්යාල වෙත අංක තහඩු ප්‍රවාහනය වීමේදී විශාල ප්‍රමාදයකට ලක්වීම මත මේ පිළිබඳ අවධානය යොමුව ඇත.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ කුරියර් සේවා හරහා නිවෙස් වෙතම අංක තහඩු යැවීමේ ක්‍රමවේදයක් ගැන සකසන බවත් බොහෝ විට ලබන ජනවාරියේ සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මීට අමතරව වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය ද මෙම ක්‍රමවේදය මගින් රියදුරු බලපත්‍ර බෙදාහැරීම ගැන අවධානය යොමුකර තිබෙන බවද වාර්තා වේ.