ප්‍රධාන අපනයන භෝග රැසක මිල ඉහළ යයි

0
Export Spice Price Increase - ප්‍රධාන අපනයන භෝග රැසක මිල ඉහළ යයි

කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරාබුනැටි, කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝග රැසක වෙළඳපොළේ මිල ගණන් ඉහළ ගොස් ඇත.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනි දා වනවිට කුළුබඩු අපනයනය කිරීමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 350ක ආදායමක් ලැබී ඇති බවයි.

රුපියල් 500ට අලෙවි වූ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 900 දක්වා ඉහළ ගොස් ඇති අතර කුරුඳු කිලෝවක මිල ද රුපියල් 3,400 දක්වා ද කරාබුනැටි කිලෝවක මිල ද රුපියල් 1,400 දක්වා සහ සාදික්කා කිලෝවක මිල රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, පුවක් කිලෝවක මිලද රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති අතර කෝපි කිලෝග්‍රෑමයක මිලද රුපියල් 1,250 දක්වා ඉහළ ගොස් අති බවයි.

එසේම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි ඇතුළු ප්‍රධාන අපනයන භෝග මෙට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇත.