අයර්ලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 70ක ජයක්

0
Sri Lanaka vs Ireland T20 in ICC World Cup - අයර්ලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 70ක ජයක්
ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා – අයර්ලන්තය අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70කින් ජග්‍රහණය හිමි කර ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

නැමීබියාව සමඟ පැවති තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසකින් තොරවම අද තරගයටත් ක්‍රීඩා කරනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමඟින් කුසල් ජනිත් පෙරේරා.

තරගය ක්‍රියාත්මක කළ පළමු පන්දු වාරයේ දෙවැනි පන්දුවෙන්ම කුසල් ජනිත් පෙරේරා දැවී යද්දී ජ්‍යේෂ්ඨත්වයේ වගකිම යළි අමතක කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 6කට දැවීගියා.

අවිශ්ක ප්‍රනාන්දු ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම අසීරු තත්ත්වයකට ඇද වැටෙමින්.

ඒවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 8ක් ලෙස සනිටුහන් වෙද්දී පිටියේ එක්වූ වනිදු හසරංගට සහ පැතුම් නිස්සංකට සිදුවුණේ යළි ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමේ වගකීම ඉටු කරන්නටයි.

එම වගකීම අකුරටම ඉටුකළ ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 123ක දැවැන්ත සබඳතාවක් එක්කළා.

ඒ අතරතුර සිය මංගල පන්දුවාර 20 අර්ධ ශතකය වාර්තා කළ වනිදු හසරංග පන්දු 47කින් ලකුණු 71ක් ලබාගත්තා.

හසරංගට අනඟි සහයක් ලබාදුන් පැතුම් නිස්සංකද සිය පළමු පන්දුවාර 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 61ක් රැස්කළා.

මේ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස්කරමින්.

දසුන් ශානක ලකුණු නොදැවී ලකුණු 21යි.

පන්දු යැවීමේදී ජෝෂ් ලිට්ල් ලකුණු 23කට කඩුලු 4ක් බිඳහෙළුවා.

ලකුණු 172ක් ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබා ගත හැකි වුයේ 101ක් පමණයි.