ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අද තරග බිමට

0
SL vs IRE T20 in Icc World Cup - ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අද තරග බිමට
පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා.

ඒ අයර්ලන්තය සමඟයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි.

නැමීබියාව සමග පැවති පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා.

ඊට පෙර නැමීබියාව සහ නෙදර්ලන්තය අතර තරගය පස්වරු 3.30ට ආරම්භ වනු ඇති.

පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලියට අදාළව ඊයේ පැවති තරග දෙකෙන් ඕමානය පරදවා ලකුණු 26ක ජයක් බංග්ලාදේශය ලබා ගත් අතර පැපුවානිව්ගිනියා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ස්කොට්ලන්තය ජය ගනු ලැබුවේ ලකුණු 17කින්.