ඇමැති රොෂාන්ගෙන් ශ්‍රීලනිපයට දෝස් මුරයක්

0
Roshan Ranasinghe Argument with SLFP - ඇමැති රොෂාන්ගෙන් ශ්‍රීලනිපයට දෝස් මුරයක්

ගොවි උද්ඝෝෂණ පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. කරුණාකර අඟේ ඉඳන් කන කන්නේ නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි නම් යන්නැයි ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියයි.

කාබනික පොහොර යොදා එක කන්නයක් වී වගාකරන්න. යම් හෙයකින් ගොවියාට පාඩු වී අසාධාරණයක් සිදු වුවහොත් ගොවියා සමග මාත් එදාට මහපාරට බසිනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

දිඹුලාගල අධ්‍යාපන කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රොෂාන් රණසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

වී ගොවියා සියයට පනහක් හෝ කාබනික පොහොර ඉල්ලනවා කියන්නේ රසායනික පොහොර එපා කියන එකයි, ඒකෙන්ම පේනවා ආණ්ඩුවත්, ජනාධිපතිතුමාගේ කාබනික පොහොර වැඩපිළිවෙළත් ජයග්‍රහණය කරලා.

එනිසා අපි ඉල්ලීමක් කරනවා එක කන්නයක් හෝ කන්න දෙකක් කාබනික පොහොරවලින් වී වගා කර බලන්න්නැයි ද ඔහු ඉල්ලිමක් කළේය.