සයිනොෆාම් එන්නත ගැන අනාවරණය වූ දේ

0
Dr. Chandima Jeewandara Twitter Status of Sinopharm Vaccine - සයිනොෆාම් එන්නත ගැන අනාවරණය වූ දේ
සයිනොෆාම් එන්නත ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ කොරෝනා වෛරසයට එරෙහි ටී සෛල ප්‍රතිචාරය අඛණ්ඩව පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. ඒ සයිනොෆාම් එන්නතෙහි ප්‍රතිදේහ ජනනය සහ ටී සෛල ප්‍රතිචාරය පිළිබද පැවැත්වූ අධ්‍යයනයකින් අනතුරුවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර සඳහන් කළේ මීට මාස කිහිපයකට පෙර සයිනොෆාම් එන්නත් ලබාගත් සියළු වයස් කාණ්ඩවලට එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම දෙවන එන්නත් මාත්‍රාව ලබාදී සති 12කට පසුව ද කොරෝනා වෛරසය ආගන්තු දේහයක් ලෙස සලකා ටී සෛල මගින් ප්‍රතිචාර දැක්වීම එලෙසින්ම පවතින බවයි සඳහන්.

වෛරසයට එරෙහි ප්‍රතිදේහ ජනනය විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙනවා.

එමෙන්ම, ප්‍රතිශක්තිය දුර්වලවීම හමුවේ රෝහල්ගත කිරීම සහ රෝගය බරපතල තත්ත්වයට පත්වීම පිළිබදව තවදුරටත් අධ්‍යයනයන් සිදුකළ යුතු බවයි පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වී ඇත්තේ.