කඨින පූජා ගැන නිකුත් කළ නිවේදනයේ සංශෝධනයක්

0
Health Guide Series for Katina Poojawa - කඨින පූජා ගැන නිකුත් කළ නිවේදනයේ සංශෝධනයක්
පනස් දෙනකුගේ සහභාගිත්වයෙන් කඨින පූජා පැවැත්වීම සදහා අවසර ලබාදීමේ නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) නිකුත්කරනු ලැබීය.

ඒ අනුව කඨින චීවරය රැගත් පෙරහර සංවිධානය කිරීම, කඨින පිංකම සහ දහවල් දානමය පින්කම කඨිනානිසංස ධර්ම දේශනාවට සහභාගිවීම සදහා 50 දෙනකුට අවසර ලැබේ.

දුරස්ථභාවය, විසබීජහරණය, මුහුණු ආවරණ පැළැදීම ඇතුළු සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පින්කම් පැවැත්විය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නව මාර්ගෝපදේශයේ සදහන්වේ.