නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනයට අනුමැතිය

0
Nano Naitrogen Liquid Fertilizer Import - නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනයට අනුමැතිය
නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ හෙක්ටයාර් 900,000කට අවශ්‍ය එම දියර පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවය.

මේ අතර ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන 3.1ක තොගයක් දැනටමත් ඇණවුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව, එහි පළමු කොටස ලෙස ගුවන් මගින් නැනෝ නයිට්‍රජන් දියර ලීටර ලක්ෂයක තොගයක් අද (19) රැගෙන ඒමට නියමිතය.