රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්

0
Upul Rohana Statement of Covid - රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.

මේ නිසා රටපුරා පී සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අහඹු ලෙස සිදුකිරීම වැඩිකර කොරෝනා සැබෑ තත්වය විශ්ලේෂණය කර ගැනීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.

ජනතාව සෞඛ්‍ය හා සංචරණ නීතිවලට අනුගතව කටයුතු නොකිරීම නිසා මෙම තත්වය උදා වන්නට ඇතැයි සැක කළ හැකි බව පැවසූ රෝහණ මහතා සෞඛ්‍ය නීතිවලට අනුගතව දිගටම කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද කීවේය.

රෝග ලක්ෂණ නැති රෝගීන් වැඩිවී ඇත්තේ එන්නත්කරණ වැඩපිළිවෙළ නිසා විය හැකි බවද ඔහු පැවසුවේය .

රටේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන ආකාරයද සතුටුදායක නැතැයි උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවැසීය.