නැමීබියාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 07ක ජයක්

0
SL vs NAM T20 in ICC World Cup - නැමීබියාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 07ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලානයේ නැමීබියාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 07 ක ජයක් හිමිවුණා.

තරගය පැවැත්වුණේ අබුඩාබි හිදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 19 යි පන්දු 03 කදී සියල්ලන් දැවී රැස්කලේ ළකුණු 96 ක් පමණයි.

ක්‍රේග් විලියම්ස් 29 ක්ද ජෙරාඩ් එරස්මස් 20 ක්ද රැස්කලා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ළකුණු 25 කට කඩුලු 03 ක්ද, ළහිරු කුමාර ළකුණු 09 කට කඩුලු 02 ක්ද , වනිඳු හසරංග ළකුණු 24 කට කඩුලු 02 ක්ද බිඳ හෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව පන්දුවාර 13 යි පන්දු 03 කදී කඩුලු 03 ක් පමණක් දැවී ළකුණු 100 ක් ලබා තරගය ජයග්‍රහණය කලා.

භානුක රාජපක්ෂ නොදැවී 42 ක්ද අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ළකුණු 30 ක්ද රැස්කලා.