අන්තර් පළාත් බස්රථ සේවාවට මොකද වෙන්නේ?

0
Dilum Amunugama Statement of Bus Service - අන්තර් පළාත් බස්රථ සේවාවට මොකද වෙන්නේ?

ලබන 21 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවත් නොකළහොත් විශේෂ අවසරයක් යටතේ අන්තර් පළාත් බස්රථ සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රැකියා සදහා ගමන් අවශ්‍යතා පවතින පිරිස් වෙනුවෙන් එලෙස බස්රථ සේවාව ආරම්භ කරන බවයි.

එමෙන්ම ලබන 21 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවත් කළහොත් සාමාන්‍ය පරිදි අන්තර් පළාත් බස්රථ සේවාව සම්පූර්ණයෙන් සක්‍රිය කරන බවද දිලුම් අමුණුගම මහතා සදහන් කළා.

මේ අතර දක්ෂිණ අධිවේග මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් හට තිබුණා.

පොලීසිය විසින් පළාත් මායිම් ආසන්නයේ සිදුකරන පරීක්ෂා කිරීම් හේතුවෙන් මෙම තදබදය ඇති වී තිබු බව සඳහන්.

පොලීසිය සඳහන් කරන්නේ අද සිට පළාත් මායිම් පසුකර ගමන් කරන සියලු වාහන සහ පුද්ගලයින් දැඩි පරීක්ෂාවට ලක් කරන බවයි.

මෙම දීර්ඝ සති අන්තයේ වන්දනා ගමන් සහ විනෝද චාරිකා යොදා ගැනීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද පොලීසිය පවසයනවා.