ජනතාව නොසැලිකිලිමත් නම් ඉදිරිය අවදානම්

0
Genaral Shavendra Silva Statement of Covid - ජනතාව නොසැලිකිලිමත් නම් ඉදිරිය අවදානම්
සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණද ජනතාව සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් කටයුතු නොකළහොත් ආසාදිතයන් වැඩිවී යළි අවදානම් තත්වයක් ඇතිවනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොවිඩ් වසංගතය සමහර රටවල යළි හිස ඔසවමින් සිටින බවත් එවැනි තත්වයක් ඇති නොවීමට සියලු දෙනා වග බලා ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය නීති නීතිවලට අනුගත වෙමින් කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් තමා කාරුණිකව ඉල්ලා සිටින බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජනතාව බුද්ධිමත් හෙයින් සෞඛ්‍ය නීති රැකීම සම්බන්ධයෙන් ඔවුනට අමුතුවෙන් කියා දිය යුතු නැතැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

රටේ කොවිඩ් තත්වයේ යම් පාලනයක් ඇති වී තිබෙන බව ඔහු වැඩිදුරටත් කීවේය.