මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

0
CSK Winner of IPL - මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ ඩුබායිහි දී පැවති අවසන් මහා තරගය ලකුණු 27කින් ජය ගනිමින්.

ඒ අනුව ප්‍රතිවාදීන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවර අනු ශූරයන් බවට පත් වුණා.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරගයක් සඳහා ඊයේ පිටියට පිවිසියේ නව වැනි වරටයි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් පිටියට පිවිසුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ඇරයුම මත පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192ක් රැස් කළා.

ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 59කින් වේගවත් ලකුණු 86ක් රැස් කළා.

ඒ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින්.

මොයින් අලි නොදැවී 37යි.

පන්දු යැවීමේදී සුනිල් නරායින් කඩුලු 2ක් බිඳහෙලුවේ ලකුණු 26කදීයි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 165ක් පමණයි.

වෙන්කටේෂ් අයියර් ලකුණු 50ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 51ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී ශාදුල් ඨාකුර් කොල්කටා ඉනිමේ කඩුලු 03ක් බිද දැමුවා.

මෙම ජයත් සමඟ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම IPL ශූරතාවයක පහස විඳගත්තේ සිව් වැනි වතාවටයි.