තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 13449 ක් දක්වා ඉහළ ගියා.

ඒ අද දිනයේ තවත් මරණ 20ක් වාර්තා වීමත් සමගයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 9ක් සහ පිරිමි පුද්ගලයන් 11ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් කාන්තාවක් ඊයේ තහවුරු කළ මරණවලට අයත්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 03ක් සහ කාන්තාවන් දෙදෙනෙකු වන බව සඳහන්.

එමෙන්ම අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 14ක් වාර්තා කර ඇති අතර ඒ කාන්තාවන් 6ක් සහ පිරිමි පුද්ගලයන් 8ක් වශයෙන්.