දේශීය කිරි පිටි මිලත් ඉහළට

0
Higland and Pelawatta Milk Powder Prices Hike - දේශීය කිරි පිටි මිලත් ඉහළට

මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දමා ඇත.

ඒ අනුව හයිලන්ඩ් කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 කින් සහ පැලවත්ත කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් ඉහළ දමා ඇත.

එමෙන්ම හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා පැලවත්ත ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 80කින් ඉහළ ගොස් තිබේ.

හයිලන්ඩ් කිරිපිටි මිල සංශෝධනය කිරීමෙන් පසු ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරෙන අතර පැලවත්ත කිලෝ ග්‍රෑමයක් රුපියල් රුපියල් 1,165 කට හා ග්‍රෑම් 400ක් රුපියල් 460කට අලෙවි කෙරේ.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් ලෙස සහ ග්‍රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස පසුගියදා මිල සංශෝධනය කෙරිණි.