පළාත් රැසකටම අද දිනයේත් වැසි

0
Today Weather Forecast - පළාත් රැසකටම අද දිනයේත් වැසි
බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වයඹ පළාතට ද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද , වයඹ, දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කී.මී. 30 සිට 40 දක්වා වැඩි වෙනු ඇති.