තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 31ක් ඊයේ (12) සිදු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,408 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 23 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර අටදෙනෙක් ද ඒ අතර වෙති.

එමෙන්ම පිරිමි අය 20 දෙනකු සහ කාන්තාවන් 11 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here