රුපියල් 1000ක මල්ලක් නැතිව සතොසෙන් කහ මිලදී ගන්න බෑ

0
Sathosa Goods in Gampaha - රුපියල් 1000ක මල්ලක් නැතිව සතොසෙන් කහ මිලදී ගන්න බෑ
සතොස මගින් කහ කුඩු අලෙවි කෙරෙන බව සදහන් වූවද කහ කුඩු ග්‍රෑම් සීයක් මිලදී ගැනීමට රුපියල් දහසක ද්‍රව්‍ය ලබා ගත යුතු බවත් ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳහල්වල මේ දිනවල කහකුඩු මිලදී ගැනීමට නොමැති බවත් පාරිභෝගිකයින් පවසති.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ කහ කුඩු ග්‍රෑම් සීයක් රුපියල් 200 ක මිලකට අලෙවි කිරීමට ලැබුනු අතර රුපියල් දහසක ද්‍රව්‍ය ලබාගැනීමේදී පමණක් කහකුඩු ග්‍රෑම් සීයක් නිකුත් කිරීමට උපදෙස් ලැබී තිබූ බවත් ලැබුනු ප්‍රමාණය අවසන් බවත්ය.

කහ ආනයනය කිරීම නතර කිරීමෙන් පසුව මේ වනවිට වෙළඳ පොලෙහි කහ කුඩු හිගයක් පවතින අතර අලෙවියට ඇති වෙළඳසල්වල විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරෙන ආකාරයක් දක්නට ඇත.