රට කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න.. කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න…

0
Sajith Premadasa Statement of Government - රට කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න.. කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න...
ජනතාව මුහුණ දී තිබෙන බරපතළ ප්‍රශ්න වලින් මුදා ගෙන ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමටත් සහනදායි මිලට භාණ්ඩ ලබාදීමටත් හැකියාවක් නැති නම් ඒ බව පිළිගෙන වහාම ඉල්ලා අස්වෙන්නැයි ආණ්ඩුවට බලකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට අර්බුදයෙන් බේරා ගැනීමටත් ජනතාවට සහන ලබා දීමටත් හැකි කණ්ඩායමකට රට පාලනය කිරීමේ වගකීම බාර දෙන ලෙසද තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

අත්‍යයවශ්‍ය භාණ්ඩ හිතුමනාපෙට අහස උසට ඉහළ නගිද්දී ඒවා පාලනය කිරීමට නොහැකි යැයි ආණ්ඩුව කියන්නේ නම් ආණ්ඩුවකින් පලක් නැති බව ද ඒ මහතා සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ තන්තිරිමලේ පාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.