ඇන්ජලෝ මැතිව්ස් යලි තරග බිමට

0
Anjelo Mathews Redy to Play Again - ඇන්ජලෝ මැතිව්ස් යලි තරග බිමට
ඉදිරියේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියන් සඳහා වන තේරීම් සඳහා තමන්ව සලකා බැලීමට හැකි බවට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා.

ඉකුත් ජුලි මාසයේ සිට මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේකයක් ගනු ලැබූ අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට පවා සුදානම්ව ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබු බවටද වාර්තා පළවුවා.

කෙසේ වුවත් ඉදිරි තරගාවලි සඳහා වූ තෝරා ගැනීම් වලට තමන් සුදානම් බවට මැතිව්ස් ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨතම පිතිකරුවෙකු වන මැතිව්ස් මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන්නේ නැහැ. කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඉදිරි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරිමට සුදානමින් ඔහු පසුවේ.

එළෙඹෙන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරිමට නියමිතව ඇත.

එමෙන්ම මැතිව්ස් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමිතව ඇත.

ඔක්තෝම්බර් 27 වෙනිදා ඇරඹෙන මෙරට දේශීය ක්‍රිකට් තරගාවලියේදී මැතිව්ස් කොල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරිමට නියමිතව ඇත.