පෙට‍්‍රල් සහ ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න

0
Petrol and Diesel Price in Sri Lanka - පෙට‍්‍රල් සහ ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග අද වන විට මෙරට පෙට‍්‍රල් ලීටරයකින් පාඩුව රුපියල් 14.56 දක්වා ඉහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

එමෙන්ම ඩීසල් ලීටරයක පාඩුව රුපියල් 31.46 බව ද ඔහු පැවසීය.

අවසන් වරට ඉන්ධන මිල ඉහළ දමද්දී ලෝකවලට පොළේ පෙට‍්‍රල් බැරලයක මිල ඩොලර් 78.8ක් බවත් අද එය ඩොලර් 92 දක්වා ඉහල නැග ඇති බවත් එදා ඩොලර් 76.7ට තිබූ ඩීසල් බැරලයක් අද ඩොලර් 92.67 දක්වා ඉහල ගොස් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ තත්වය මත අගෝස්තු මස 31 වන දින යන විට තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන හැත්තෑවක් බවද ඒ මහතා සඳහන් කළේය.

එනිසා මෙවන් අවස්ථාවක කළ යුතු පළමු දේ ඉන්ධන මිල ඉහළ දැමීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

බලශක්ති අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.