තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,354 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 18 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර පස් දෙනෙක් ද ඒ අතර වෙති.

එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 12 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.