පැන්ඩෝරා ප‍්‍රකෝටිපතියෝ 93ක් ලංකාවේ

0
Ninety Three Sri Lankan People Name in Pandora Papers - පැන්ඩෝරා ප‍්‍රකෝටිපතියෝ 93ක් ලංකාවේ

ශ‍්‍රී ලාංකිකයින් 93 දෙනකු සතු විදේශ වත්කම් සහ කළු සල්ලි රටවල් 48 ක බැංකුවල සහ පිටරට සමාගම් හි ආයෝජනය කර ඇතැයි ගවේෂණාත්මක මාධ්‍ය ජාලය මගින් හෙළි කළ පැන්ඩෝරා ලියකියවිලිවල සඳහන් වේ. මෙසේ මුදල් තැන්පත් කර ඇති බැංකු අතර ජිනීවාහි ස්විස් බැංකු දෙකක්ද ඇතැයි වාර්තාවේ.

ඒ අනුව ශ‍්‍රී ලාංකිකයන් 343 ක වත්කම් පැන්ඩෝරා යන පැනමා ලියවිලිවලින් හෙළි වී තිබේ.

මෙලෙස වත්කම් සහ කළුසල්ලි හිමි ශ‍්‍රී ලාංකිකයන් අතර අධික මිලක් ඇති සුපිරි වාහන මෙරටට ආනයනය කරන ව්‍යාපාරිකයෙක්, හෙළිකොප්ටර් සහ වාහන ආනයනය කරුවෙක් සුපිරි වෙළෙඳ සංකීර්ණ ජාලා හිමිකරුවෙක්ද සිටිති.

ශ‍්‍රී ලාංකික එකම පවුලක පස් දෙනෙකු සතු වත්කම් ගැන ද මෙම ලිය කියවිලි මගින් අනාවරණය කර ඇති අතර මොවුහු කොළඹ මහනුවර බණ්ඩාරවෙල සහ කෝපායි පදිංචිකරුවෝය.

මෙම ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් ඇති ප‍්‍රධාන රටවල් ලෙස බහමාස් සයිප‍්‍රස් එක්සත් එමීර් රාජ්‍යය ඩුබායි හොංකොං ලෙබනන් ලක්සම්බර්ග් මැලේසියා මොල්ටා මොරිෂන්, නවසීලන්තය සිෂේල් සිංගප්පූරුව තායිලන්තය, බි‍්‍රතාන්‍යය, ඇමෙරිකාව, වර්ජින් දූපත් ලෙස අනාවරණය වී ඇත.

මේ අතර කොටි ජාත්‍යන්තර ජාලය සතුව ඩොලර් මිලියන පහක් ජිනීවාහි සුප‍්‍රසිද්ධ බැංකුවක ඇති බවද හෙළි වී තිබේ. මේ බව කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයාව සිටි කේ. පී. විසින් ශ‍්‍රී ලංකා රජයට හෙළි කර තිබුණි.

(divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි)