ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති වල නව මිල ගණන් හෙට

0
Gas Wheat Flour and Cement New Prices Tomorrow - ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති වල නව මිල ගණන් හෙට

ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති ආනයනික සමාගම් විශාල මුදලකින් මිල ඉහළ දැමීමට ඉල්ලා සිටීමෙන් එම භාණ්ඩ තුනේ නව මිල තීරණය කිරීම ලබන සඳුදා දක්වා කල්දැමීමට පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ගෑස් සමාගම් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000 කට ආසන්න මුදලකින් ද, සිමෙන්ති සමාගම් රුපියල් 180 ක පමණ මුදලකින් ද, තිරිඟු පිටි සමාගම් කිලෝවක් රුපියල් 20 ක පමණ මුදලකින් ද, මිල ඉහළ දැමීමට ඉල්ලා සිටින බව සඳහන්.

එම මිල ගණන්වලට පාරිභෝගික කටයුතු අධිකාරිය එකඟ නොවීම නිසා නව මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම කල්ගිය බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.