කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති නව මිළ ගණන් අද

0
Milk Powder, Wheat Flour, Gas and Cement New Prices Today - කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති නව මිළ ගණන් අද

කිරිපිටි, තිරිගු පිටි, එල් පී ගෑස් සහ සිමෙන්ති සඳහා පැවති පාලන මිළ ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ.

ඊයේ දිනයේදී ආනයනකරුවන් කියාසිටියේ මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු එම භාණ්ඩවල නව මිළ ගණන් ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව බොහෝ දුරට අද දිනයේදී එම නව මිළ ගණන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව සඳහන්.

ඒ අනුව තිරිගු පිටි ආනයන සමාගම් කිලෝ ග්රෑම් එකක් සඳහා ඉල්ලා සිටින මිල වැඩිකිරීම රුපියල් 15 ත් 20 ත් අතර ප්‍රමාණයක්.

කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 350 ක මිල වැඩිවීමක් සහ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 500 ක මිල වැඩිවීමක් සමාගම් ඉල්ලා සිටිනවා.

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල වැඩි කිරීමේ ඉල්ලීම රුපියල් 200 ක්.