දුම්වැටියටත් මිල සූත්‍රයක් එයි

0
Tobacco Price Formula in Budget - දුම්වැටියටත් මිල සූත්‍රයක් එයි
දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

එම මිල සූත්‍රය සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කර සාකච්ජා කර දුම්වැටි බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව කී ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත ආදායම නොලැබීම හේතුවෙන් මිල සූත්‍රයක් හඳුන්වා දුන් බව සඳහන් කළේය.

මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල ලබන වසරේදී වැඩි කර ගැනීමට හැකි වුවහොත් 2022 සිට 2026 දක්වා කාලය තුළ රුපියල් බිලියන 125ක පමණ සෘජු ආදයමක් රජයට ලැබෙන බවත් මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල සියයට 6 කින් සෑම වසරකම වැඩි වන බවත් ශ්‍රී ලංකාව තුළ දුම්වැටි අළෙවි ප්‍රමාණය අඛණ්ඩව අඩුවීම සෞඛ්‍යමය පැත්තෙන් ඉතාම වටිනා තත්වයක් බවත් ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා කීය.

දුම්පාන හේතුවෙන් දිනකට පුද්ගලයන් 60 ක් පමණ මියයන බව කී සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ දුම්වැටි නිසා ඇතිවන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට ලැබෙන ආදායමට වැඩා තුන් හතර ගුණයක් වැය වන බවත්ය.