ඕමානය පරදා ශ්‍රී ලංකාව ජය ගනී

0
SL vs OMA 1st T20 - ඕමානය පරදා ශ්‍රී ලංකාව ජය ගනී

ඕමානයට එරෙහිව එරට ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ පැවැති පළමු නිල නොවන විස්සයි-විස්ස තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත් අතර එහිදී අවිෂ්ක ප්‍රනාන්දු සහ නායක දසුන් ශානක එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සබඳතාවක් ද පිහිටවනු ලැබුවා.

ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත්තේ ලකුණු 143ක් පමණයි.

දෙරට අතර පැවැත්වෙන මීළඟ නිල නොවන තරගය ඔක්තෝබර් 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.