නිරූපමා රාජපක්‍ෂ විදේශ ගතවේ..?

0
Nirupama Rajapaksa Incident of Pandora Papers - නිරූපමා රාජපක්‍ෂ විදේශ ගතවේ..?

හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවෙන් විදේශගත වී ඇති බව වාර්තා වේ.

දැනට දින කිහිපයකට පෙර ඇය ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇතැයිද දැනගන්නට ඇත.

ඇය හා ඇයගේ සැමියා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් සිදුකරන ලද පැනඩෝරා පත්‍රිකා ප්‍රසිද්ධ වීමට පෙර මෙම විදේශගතවීම සිදුව ඇති බවද සදහන්ය.

පැනඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව ඇයගේ සැමියා අද දිනයේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන්නැයි කරන ලද දැනුම් දීමක් අනුවයි.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)