ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට…

0
Samagi Jana Balawegaya Decide to Remove Diana - ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට...

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල විසින් මෙම තීරණය ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම වෙත ලිපියක් භාර දීමට තීරණය කර තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත එම ලිපිය භාර දෙන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව පිවිසුනද ඇය ආණ්ඩුවට සහයෝගය දක්වමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here