සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරයි

0
Cement, Milk Powder, Wheat Flour and Gas Control Price - සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරයි

කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07)රාත්‍රී පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත් කිරීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ.

කිරිපිටි ,ගෑස් ,තිරිඟුපිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කිරිම ඒවායේ පිරිවැය ආවරණය වන පරිදි සිදු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට පැවරීමට ද එහිදී තීරණය වී ඇත.

කිරිපිටි කිලෝවක මිල රුපියල් දෙසීයකින් ද ,ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්සීය පනහකිත්ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කැබිනට් මණ්ඩලයට පසුගියදා යෝජනා කර තිබිණි.

වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට එහිදී උපදෙස් දී ඇත.

මේ අතර තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතයට අවසර දීමට එහිදී තීරණය වී ඇත.

තේ වගාව කාබනික පොහොර භාවිතයට පියවරෙන් පියවර ගෙන යන තෙක් මෙලෙස රසායනික පොහොර භාවිතය සඳහා අවසර දීමට තීරණය කර තිබේ.