ශිෂ්‍යත්ව සහ උසස් පෙළ නැවත කල් යන ලකුණු

0
Susil Premajayantha Statement of Exam Postponed - ශිෂ්‍යත්ව සහ උසස් පෙළ නැවත කල් යන ලකුණු

නොවැම්බර් මස පැවැත්වීමට තිබූ අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය කල් දමන්නට සිදු වෙන බව අධ්‍යාපන ප්‍රතිසංකරන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දීර්ඝ කලක් රට හා පාසල් වසා දැමීමට හේතු වීම නිසා ඉහත කී තීරණය ගැනීමට සිදු වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් හා අනෙකුත් වගකිව යුතු නිලධාරින් සමඟ පවත්වන සාඛච්ඡාවකින් අනතුරු ව විභාගය පැවැත්වෙන දින වකවානු තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.