ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට

0
Ever Ace in Colombo Harbour - ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට

ලොව විශාලතම බහාලුම් නෞකාව යනුවෙන් හැඳින්වෙන එවර් ඒස් නෞකාව කොළඹ වරායට සේන්දු විය.

එවර් ඒස් නෞකාව ලොව ප්‍රධාන පෙළේ බහාලුම් ප්‍රවාහන සමාගමක් වන එවර්ග්‍රීන් සමාගමට අයත් වේ.

මෙම නෞකාව අඩි 20 බහාලුම් (ටී.ඊ.යු.) 24,000ක් රැගෙන යා හැකි දැවැන්ත නෞකාවක් වන අතර මේ ආකාරයේ නෞකාව ඉදිරියේදී නාවික ක්ෂේත්‍රයට එක්වනු ඇතැයි ද එවර්ග්‍රීන් සමාගමේ මෙරට නියෝජිත ආයතනය වන හේමාස් හෝල්ඩින්ස් සමාගම සඳහන් කළේ ය.

එවර් ඒස් නෞකාව ඒ වර්ගයේ නෞකාවක් වන අතර මීටර 400ක දිගින් සහ මීටර 61.5ක පළලකින් සමන්විත වේ.

මෙම නෞකාවට නාවික සැතපුම් 22.6ක වේගයකින් ගමන් කළ හැකි අතර උපරිම වේගයෙන් ගමන් ගන්නා අවස්ථාවකදී බහාලුම් 23,992ක් රැගෙන යාමේ හැකියාව පවතී.

එමෙන්ම මෙම නෞකාව ලොව විශාලතම නෞකාවලින් එකක් ද වේ.