කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල තීරණයට හෙට විශේෂ කැබිනට් රැස්වීමක්

0
Special Cabinet Meeting Held on Tomorrow - කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල තීරණයට හෙට විශේෂ කැබිනට් රැස්වීමක්

කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ.

රටේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවැත්වෙන එම විශේෂ කැබිනට් රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල වැඩි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ද අවසන් තීරණයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ දී විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන බව කැබිනට් ලේකම්වරයා අමාත්‍ය මණ්ඩලයට ඊයේ (05) රාත්‍රියේ දැනුම් දී තිබිණි.

කැබිනට් මණ්ඩලය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුම් තාක්ෂණය ඔස්සේ ඊයේ රාත්‍රියේ පැවැත්වූ නමුත් ජනාධිපතිවරයා ඊට සහභාගී වී නැත.

ඒ අනුව හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ . සිමෙන්ති ,කිරිපිටි සහ ගෑස් මිල ගණන් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කර ඇති යෝජනාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ නමුත්, ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් වී නොමැති බවද දැනගන්නට ඇත.