තරුණ යුවළගේ සිරුරු බාල්කයේ එල්ලෙමින් තිබියදී සොයා ගැනේ

0
Wihe and Husband Suicide in Mirigama - තරුණ යුවළගේ සිරුරු බාල්කයේ එල්ලෙමින් තිබියදී සොයා ගැනේ

තරුණ අඹුසැමි යුවළකගේ මළසිරුරු ලින්දර නිවසක කාමරයේ එල්ලෙමින් තිබියදී ඊයේ පස්වරුවේ සොයා ගත් බව මිරිගම පොලිසිය කියයි.

මීරිගම ලින්දර 26 සැමියා සහ සහ 23 බිරියක මෙසේ මියගොස් ඇත.

කාන්තාවගේ දෑත් පිටුපසට කර බැඳ තිබූ අතර බාල්කයක එල්ලුණු ඇගේ සිරුර බිමට බර වී තිබු බව ද කියන පොලිසිය ඒ අසල ම තරුණ සැමියාගේ සිරුර එල්ලෙමින් තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

ඔවුන්ගේ සිරුරු එල්ලෙමින් තිබූ ස්ථානයේ තිබූ පුවත් පත් කෑල්ලක පොඩි එකා බලාගන්න මල්ලි මියගිය සැමියා විසින් ලියූ සටහනක් දක්නට ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

මරණ කරුවන් දෙදෙනා ඇඟලුම් ආයතනයක සේවය කර ඇතැයි ද ඔවුනට සිව් හැවිරිදි පුතකු සිටින බවද පොලිසිය කියයි.

මිය ගිය තරුණ කාන්තාවගේ සහෝදරයාගෙ මංගල උත්සවය නිමිත්තෙන් පවුලේ පිරිස නිවසෙන් පිටව ගොස් ඇතත් මියගිය කත පමණක් නිවසේ රැඳී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මංගල උත්සවයට ගිය සැමියා නිවසට පැමිණ ඇත්තේ ඔවුන්ගේ සිව් හැවිරිදි පුතා මංගල උත්සවය පැවති ස්ථානයේ නතර කර බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙම නිවසෙන් දහවල් දොළහට පමණ කිසිවකු කෙඳිරිගාන ශබ්දයක් ඇසුණු බවට අසල්වැසියකු ප්‍රකාශ කළ බවද පොලිසිය සඳහන් කරයි.