කිරිපිටි,ගෑස්, සිමෙන්ති මිල තීරණය අද

0
Milk, Gas and Cement Prices Decision Today - කිරිපිටි,ගෑස්, සිමෙන්ති මිල තීරණය අද

කිරිපිටි සහ ගෑස් මිල ගැන තීරණාත්මක කැබිනට් රැස්වීම අද පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු නිල සංචාරයෙන් පසු පවත්වන පළමු කැබිනට් රැස්වීම මෙයයි.

මෙහිදී කිරිපිටි,ගෑස් සහ සිමෙන්ති මිල වැඩිකිරීම සහ සහල් මිල පාලනය සම්බන්ධව තීරණ ගැනීමටද නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමේ යෝජනාවට අද රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබේ යැයි විශ්වාස කරන බව ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසන්නේ අයවැය දක්වා අවම වශයෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට සාකච්ඡාවලදී පොරොන්දුවී ඇති බවයි .