වෙළෙඳ අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි

0
Omalpe Sobhitha Thero Request to Bandula Gunawardena for Resign from Trade Minister - වෙළෙඳ අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි

සහල් මිළ නිසියාකාරව පාලනය කරගත නොහැකි වීම තුලින් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ නොහැකියාව පෙන්නුම් කරන බවත් වරද පිළිගෙන වෙළෙඳ අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු පාලනය කරගත නොහැකි ආණ්ඩුවක් පිළිබඳ විශ්වාසයක් තබාගන්නේ කෙසේදැයි උන්වහන්සේ විමසනවා.

අචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව අවධාරණය කලේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ ජනතාව කෙරෙහි ආණ්ඩුවේ ඇති මිත්‍රශීලීත්වය මැන බැලීමට දැන් කාලය උදා වී ඇති බවයි.

මේ අතර වෙළෙඳ අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දිනයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශය ලබා දෙමින් කියා සිටියේ සුදු ලුණු වංචාවට තමා සම්බන්ධ බවට ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම අමාත්‍ය ධුරයෙන් පමණක් නොව සිය දේශපාලන දිවියෙන්ද සදාකාලිකව සමු ගන්නා බවයි.