ඕමානය සමග විස්සයි විස්ස තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද ඕමානයට

0
Sri Lanka Team for Oman T20 Series - ඕමානය සමග විස්සයි විස්ස තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද ඕමානයට

ඕමානය සමග විස්සයි විස්ස ක්‍රිකට් තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ඕමානය බලා පිටත්ව යාමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියට ද එක්වන්නේ ද ඕමාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයයි.

ඕමානය සමග පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 07 වනදා ආරම්භ වීමට නියම්ත අතර දෙවන 20යි 20 තරගය ලබන 09 වනදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් සංඛ්‍යාව 23 ක්.